BLOG

Organic Farming at Tritech Green Energy Pvt Ltd.

 

“මගේ rooftop එකේ ටැංකිවල කාබනිකව වගා කරලා තියෙන scotch bonnet කොච්චි වල සහ අනෙක් වගාවල  වීඩියෝ සහ photos දැම්මා ඔයගොල්ලන්ට බලන්න. මේ කොච්චි ගහක උස සාමාන්‍යයෙන් අඩි 5-6ක් වෙනවා.   ගහකින්  සතියකදී 3-5 kg විතර කඩා ගන්න පුළුවන්. මේකෙදි අපි rooftop එකේ නිසා බර අඩු media එකක් තමයි භාවිතා කළේ.  මේක අපි විසින්ම හදාගත්ත media එකක්. මේකට භාවිතා කරපු අමුද්‍රව්‍ය පහතින් දානවා අවශ්‍ය අයට භාවිතා කරන්න.

1. දහයියා                               6

2. මතුපිට පස්                         2  

3. කොම්පෝස්ට්                    1

4. කොහුබත්                          1

5. ගොම/කුකුල් පොහොර    1

මීට අමතරව සති දෙකෙන් දෙකට කුඹුරට ගහන්න ආණ්ඩුවෙන් දීපු ජෛව පොහොර වලින් කොටසක් තියාගෙන ඒකෙන් ටිකක් දැම්මා (බොහොම පොඩ්ඩයි දැම්මෙ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා). අනෙක් එක තමයි සතියෙන් සතියට කෘමි විකර්ශක වර්ගයක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරා. මේකෙදි දහයියා නිසා වතුර බැස යාම හොඳින් සිදු වෙනවා වගේම ටික කාලෙකින් ඒවත් පොහොර බවට පත්වෙනවා.  කර දහයියා හදනකොට  වගේ  දහයියා වල තියෙන පෝෂක කොටස් විනාශ වෙන්නෙත් නෑ.. හැබැයි වගාවට ජලය සැපයීම දිනපතාම කරන්න ඕන. ඒ සඳහා අපි නම් irrigation සිස්ටම් එකක් භාවිතා කරනවා.”

W.P.S Wijayasinghe,

CED, Tritech Green Energy Pvt Ltd.





Watering System



















High Power Emergency Down Light



100% ක් දේශීය නිෂ්පාදන ආයතනයක් වන ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන High Power Emergency Down Light සුවිශේෂී නිෂ්පාදනයක් වීමට හේතු වූ කරුණු පිළිබඳව මින් ඉදිරිපත් කෙරේ. මෙම Emergency Light නිෂ්පාදනයේදී යොදාගනු ලබන LED, බැටරි, LED රඳවනු ලබන මුහුණත් කොටස හැර අනෙක් සියළුම කොටස් අප කර්මාන්තශාලාව තුළ නිපදවන අතර Powder Coatingද  තාක්ෂණය යොදාගනිමින් වර්ණ ගැන්වීම සිදුකරනු ලබන අතර එමගින් නිෂ්පාදනය හානි වීමකින් තොරව දීර්ඝ කාලයක් භාවිතා කළ හැකිය. මෙහි LED Head එක  Die-cast Aluminum යොදාගෙන නිර්මාණය කර ඇති අතර තාපය පිටකිරීමේ සීඝ්‍රතාව ඉහළය. පරිපථය නිර්මාණය කිරීමේදී CNC තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරන අතර, සැළසුම් සියල්ල ට්‍රයිටෙක්  ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම තුළදී සිදුකරන ලද පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලීන් සමූහයන්ගේ එකතුවකි. වෙළෙඳපොළෙහි පවතින වෙනත් නිෂ්පාදන මෙන් නොව ගුණාත්මක බවින් ඉහළ අපගේ නිෂ්පාදන විදුලිය විසංධි වූ පසු පැය 12කට වඩා වැඩි කාලයක් දැල්වී පවතින අතර වොට් 10ක ජවයකින් දැල්වේ. එනම්, සූත්‍රිකා බල්බයන්හි වොට් 100ක බල්බයක ආලෝකයට සමාන අලෝකයක් ලබා දේ. ඉහළ ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යය යොදාගනිමින්, තත්ත්ව කලමනාකරණය ඉහළ ලෙස තබාගනිමින් නිෂ්පාදනය කරනු ලබන මෙම Emergency Light සඳහා ලොව වටා ඉහළ පිළිගැනීමක් ඇති උසස් තත්ත්වයේ BRIDGELUX (USA) LED යොදාගන්නා අතර  බැටරියද ආරක්ෂක පරිපථයකින් (PCM) සමන්විත ඉහළ ගුණාත්මික බවකින් යුතු LiFePO4 බැටරියකි. අප නිෂ්පාදනයේ අනෙකුත් ගුණාංගයන් පහත පරිදි වේ

  •        Color Temperature: 7000K / 3000K
  •        Beam Angle : 90°
  •        Charging Time : 6 hrs.
  •        Backup time: 12 hrs.

වෙළෙඳපොළෙහි පවතින අනෙකුත් නිෂ්පාදන වලට වඩා අප නිෂ්පාදනයන් උසස් තත්ත්වයේ වීමට හේතූන් පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.

  •        විදුලි විසංධි වීමකදී දැල්වෙන කාලය දීර්ඝ වේ.
  •        පිපිරීම් හා ගිනි ගැනීම් වැනි අනතුරු වීමට හැකියාවක් නොමැත.
  •        අලුත්වැඩියා කිරීමට පහසු වීම.
  •        බැටරිය පමණක් ප්‍රතිස්ථාපනය කිරීමට ඇති හැකියාව.
  •        බැටරියෙහි අවුරුදු 2 සිට 4 දක්වා වූ ආයු කාලය.
  •        අවුරුද්දක පූර්ණ වගකීම් සහතිකයක් සහිත වීම.
  •        වසර 5ක සේවා වගකීම් සහතිකය.
  •        අකුණු වලින් සිදුවන හානිය අවම වීම. Surge Protection සහිත වේ.

අප සමාගමෙහි නිෂ්පාදනයන් දැනට ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, කාර්ගිල්ස් ආයතනය, MAS ආයතන සමූහය, රයිනෝ ආයතනය වැනි ආයතන මෙන්ම Access, Ilukkumbura වැනි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනද භාවිතයට ගනු ලැබේ.

                                 


Double Head High Power Emergency Light



 ට්‍රයිටෙක් ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම මගින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරනු ලබන Double Head High Power Emergency Light සුවිශේෂී නිෂ්පාදනයක් වීමට හේතු වූ කරුණු පිළිබඳව මින් ඉදිරිපත් කෙරේ. මෙම Emergency Light නිෂ්පාදනයේදී යොදාගනු ලබන LED, බැටරි හැර  සියළුම කොටස් අප කර්මාන්තශාලාව තුළ නිපදවන අතර Powder Coatingද  තාක්ෂණය යොදාගනිමින් වර්ණ ගැන්වීම සිදුකරනු ලබන අතර එමගින් නිෂ්පාදනය හානි වීමකින් තොරව දීර්ඝ කාලයක් භාවිතා කළ හැකිය. මෙහි LED Head අප ආයතනයට අයත් Moulds අනුසාරයෙන් Injection Moulding තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරයි. පරිපථය නිර්මාණය කිරීමේදී CNC තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරන අතර, සැළසුම් සියල්ල ට්‍රයිටෙක්  ග්‍රීන් එනර්ජි පෞද්ගලික සමාගම තුළදී සිදුකරන ලද පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලීන් සමූහයන්ගේ එකතුවකි. වෙළෙඳපොළෙහි පවතින වෙනත් නිෂ්පාදන මෙන් නොව ගුණාත්මක බවින් ඉහළ අපගේ නිෂ්පාදන විදුලිය විසංධි වූ පසු පැය 8කට වඩා වැඩි කාලයක් දැල්වී පවතින අතර වොට් 10ක ජවයකින් දැල්වේ. එනම්, සූත්‍රිකා බල්බයන්හි වොට් 100ක බල්බයක ආලෝකයට සමාන අලෝකයක් ලබා දේ. ඉහළ ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍යය යොදාගනිමින්, තත්ත්ව කලමනාකරණය ඉහළ ලෙස තබාගනිමින් නිෂ්පාදනය කරනු ලබන මෙම Emergency Light සඳහා ලොව වටා ඉහළ පිළිගැනීමක් ඇති උසස් තත්ත්වයේ BRIDGELUX (USA) LED යොදාගන්නා අතර  බැටරියද ආරක්ෂක පරිපථයකින් (PCM) සමන්විත ඉහළ ගුණාත්මික බවකින් යුතු LiFePO4 බැටරියකි. අප නිෂ්පාදනයේ අනෙකුත් ගුණාංගයන් පහත පරිදි වේ

  • Color Temperature: 7000K / 3000K
  • Beam Angle : 120° at one head
  • Charging Time : 6 hrs.
  • Backup time: 8 hrs.

වෙළෙඳපොළෙහි පවතින අනෙකුත් නිෂ්පාදන වලට වඩා අප නිෂ්පාදනයන් උසස් තත්ත්වයේ වීමට හේතූන් පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.

අප නිෂ්පාදන,

  •       විදුලි විසංධි වීමකදී දැල්වෙන කාලය දීර්ඝ වේ.
  •        පිපිරීම් හා ගිනි ගැනීම් වැනි අනතුරු වීමට හැකියාවක් නොමැත.
  •        අලුත්වැඩියා කිරීමට පහසු වීම.
  •        බැටරිය පමණක් ප්‍රතිස්ථාපනය කිරීමට ඇති හැකියාව.
  •        බැටරියෙහි අවුරුදු 2 සිට 4 දක්වා වූ ආයු කාලය.
  •        අවුරුද්දක පූර්ණ වගකීම් සහතිකයක් සහිත වීම.
  •        වසර 5ක සේවා වගකීම් සහතිකය.

අප සමාගමෙහි නිෂ්පාදනයන් දැනට ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, කාර්ගිල්ස් ආයතනය, MAS ආයතන සමූහය, රයිනෝ ආයතනය වැනි ආයතන මෙන්ම Access, Ilukkumbura වැනි ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනද භාවිතයට ගනු ලැබේ.





LED බල්බ දැමීම ඇත්තටම ලාබදායකද? (තුන්වන කොටස)

 

පෙරදී සාකච්ඡා කළ පරිදි බල්බයක් තෝරා ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු රාශියකි. එ‌‌මෙන්ම අනෙකුත් බල්බ වර්ග සමග සැසදීමේදී LED බල්බ තෝරා ගැනීමේ ඇති වැදගත්කමද සාකච්ඡා කරන ලදි. පෙර ලිපියෙන් සාකච්ඡා කරන පරිදි LED බල්බයක ගුණාත්මකභාවය රදා පවතින සාධක රාශියක් ඇත.

පෙර ලිපිය කියවීමට මෙතනින් පිවිසෙන්න.

පළමු කොටස

දෙවන කොටස

එතැන් සිට අනෙකුත් සාධක මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

 

  • LED චිපයේ උෂ්ණත්වය මත ( LED Junction Temperature).

        චිපයේ සන්ධියේ උෂ්ණත්වය LED චිපයේ ආලෝක අවරෝහණය ( Light Decay ) සහ ආයු කාලය ( Life Time) කෙරෙහි දැඩි ලෙස බලපායි. LED  දැරිය හැකි උපරිම උෂ්ණත්වය LED චිපයේ ගුණාත්මකභාවය මත රදා පවතින අතර එය සාමාන්‍ය චිපයක 80 °C  පමණ වන අතර ඉතාම උසස් ගණයේ  චිපයක 120 °C  පමණ  වේ. මෙම උෂ්ණත්වයට වඩා  චිපයේ උෂ්ණත්වය වැඩි වූ විට ආලෝක අවරෝහණය ( Light Decay ) වැඩි වීම හෝ පිලිස්සී යාම සිදු ( Burn )  වේ. මෙය පාලනය සදහා තාප විසුරුවා හැරීම ( Heat Dissipate ) හොදින් කල යුතු අතර සදහා තාප ගිල්වන ( Heat Sink ) නියමාකාරයෙන් භාවිතා කල යුතුය. බොහෝ විට යුරෝපීය රටවල් සදහා නිර්මිත බල්බ වල තාප ගිල්වන ( Heat Sink ) ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවල් සදහා නොගැලපේ. වැඩි උෂ්ණත්වය නිසා චිපයේ ගුණාත්මකභාවය මෙන්ම ප්‍රතිදීප්ත ආලේපනයේ ගුණාත්මකභාවයද (Tri-phosphor layer Quality) අඩු වේ. LED විදුලි පහ් නිර්මාණයේදී තාප ගිල්වනය ඉතා හොදින් නිර්මාණය ( Design of Heat Sink ) කිරීම මගින් මෙම ගටළුව නිරකරණය කර ගත හැක.

 

  • සහසම්බන්ධිත  වර්ණක උෂ්ණත්වය ( Correlated Color Temperature, CCT, ආලෝකයේ වර්ණය)

        සහසම්බන්ධිත වර්ණක උෂ්ණත්වය ( Correlated color Temperature ) යනු ආලෝකයේ වර්ණයයි. මෙය මනිනු ලබන්නේ කෙල්වින් ( K ) වලිනි. මේ සදහා පාදක වනුයේ කෘෂ්ණ වස්තුවක් ( Black Body ) හෙවත් සුපිරිසිදු කාබන් කැබල්ලක් යම් උෂ්ණත්වයකට රත් කල විට එම වස්තුව ගන්නා වර්ණයයි.  ආලෝකයේ වර්ණයට සමාන වර්ණයක් ඇති වීම සදහා ක්ෘෂ්ණ වස්තුවක් (Black Body ) රත්කළ යුතු උෂ්ණත්වය සහසම්බන්ධිත වර්ණක උෂ්ණත්වය ( Correlated color Temperature ) ලෙස හැදින්වේ. 

  1. වෝම් වයිට් - Warm White                 2700 - 3500K
  2. කූල් වයිට් - Cool White                     3500 - 4500K
  3. ඩේ ලයිට් - Daylight                          4500 - 5500K
  4. කූල් ඩේ ලයිට් - Cool Daylight          6000 – 7000K

ඉහත දැක්වෙන නම් භාවිතය එක් එක් ආයතන අනුව වෙනස් වේ. එබැවින් වර්ණය හදුනා ගැනීමේදී නිවැරදිම ක්‍රමය නම් කෙල්වින් අගය ( CCT ) භාවිතයයි.

තවද, ආලෝක වර්ණ භාවිතය එක් එක් කාර්යයන් සදා වෙනස් වේ. ක්ෂණික අහාර ගන්නා ස්ථාන (Fast Dining ) සදහා 6500 K වර්ණය භාවිතා වන අතර සුව පහසු ආහාර ගන්නා ස්ථාන ( Slow Dining ) සදහා 3000 K වර්ණය භාවිතා වේ. තවද ඝර්ම කලාපීය රටවල් වල 6500 K භාවිතා කරන අතර සීත රටවල් වල 3000 K. මෙයට හේතුව වෝම් වයිට් තුලින් උෂ්ණ (ගින්දර) හැගීමක් ඇති වන අතර කූල් වයිට් තුලින් සීත (අයිස්) හැගීමක් ඇති වීමයි.

 

  • වර්ණ ව්‍යාප්ති දර්ශකය ( Color rendering Index - CRI )

        මෙමගින් ගණනය කරනු ලබන්නේ එම ප්‍රභවය මගින් නිකුත් කරන අලෝකය මගින් වස්තුවක වර්ණය හදුනා ගැනීමට කෙතරම් හැකියාවක් ඇත්ද යන්නයි. මෙය ගණනය කරනු ලබන්නේ ආලෝකයේ වර්ණ බෙදී යාම ( ‍දෘෂ්‍ය පරාසය තුළ තරංග ආයාමන් සදහා ) කෙතරම් හොදින් සිදු වී ඇත්දැයි නියදියන් ගණනක් පරීක්ෂා කර දත්ත ලබා ගැනීමෙන් පසුවය. විදුලි බල්බ වර්ග වල  Color Rendering Index ( CRI ) පහත දැක්වේ.

  1. සූර්ය ආලෝකය  (Sun Light)                                                         100
  2. ෆිලමන්ට් බල්බ (Incandescent Bulb)                                             100
  3. හැලජන් බල්බ (Halogen Bulb)                                                      100
  4. ප්රතිදීප්ත ටියුබ් බල්බ (Fluorescent Tube Bulb)                             50-80
  5. සංයුක්ත ප්රතිදීප්ත බල්බ (Compact Fluorescent Lamp - CFL)      50-80
  6. මෙටල් හේලයිඩ බල්බ  (Metal Halide Light)                                 70-85
  7. සෝඩියම් වේපර් බල්බ (Low pressure Sodium Vapor Lamps)       5-25
  8. ආලෝක විමෝචක ඩයෝඩ බල්බ (Light Emitting Diode)             70-90
  9. මර්කරි බල්බ (Mercury bulbs)                                                        5-20

වෙළදසැලකදී විදුලි බල්බ වල ආලෝකයෙන් තෝරන ලද ඇදුම් පිටදී බලන විට වෙනස් වර්ණයක් දිස් වනුයේ, හිරුගේ ආලෝකයේ CRI 100 අගය වුවද විදුලි බල්බ වල ආලෝකයේ CRI අගය 80 වඩා අඩු අගයක් ගන්නා බැවිනි. රෙදිපිළි, ආහාර වැනි වර්ණය මත ඉතා සංවේදී නිෂ්පාදන තත්ව පරික්ෂාවේදී CRI ඉහල අගයක් ඇති ව්දුලි බල්බ යොදා ගනී.

 

  • වර්ණ සංකලන අපගමනය (SDCM – Standard Deviation Color Matching)

        සමහරවිට එකම CCT ඇති විදුලි බල්බ දෙකක වර්ණයන් වෙනස් වීම් අප ඇසට දැනෙන අවස්ථා අත්දැක ඇත. එසේ වීමට හේතුව වනුයේ අප CCT ගණනය කරන්නේ රතු පැහැයේ සිට සුදු පැහැය සහ නිල් පැහැය දක්වා රේඛීයව වුවද, පහත රූප සටහනේ දැක්වෙන  වර්ණ අවකාශය තුල එකම CCT අගයන් වලද වෙනත් වර්ණයන්ගේ සන්කලනයක් සිදුවිය හැක. මෙම වෙනස් වීම ඇසට දර්ශණය වන සීමාවන් මැක් ඇඩම්ස් නම් විද්‍යාඥයා විසින් MacAdam’s Ellipse නම් ඉලිප්සාකාර හැඩයන්ගෙන් දක්වා ඇති අතර එය වර්ණ සංකලන අපගමනය (SDCM – Standard Deviation Color Matching) ලෙස හැදින්වේ. මෙය  SDCM නම් ඒකකයෙන් ගණනය රන අතර SDCM අගය 1 වඩා අඩු වූ විට වර්ණ වෙනස ඇසට කිසිසේත් නොදැනේ. එම අගය 2 වැඩි වූ විට දෘෂ්‍යමාන වීම පටන් ගැනෙන අතර 4  අඩු අගයන් ඇති බල්බ හොද තත්වයේ  විදුලි බල්බ ලෙස සැලකේ.

 

මෙවැනිම තවත් රසවත් හා හරබර කරුණුු රැසක් සමගින්  මෙවැනිම ලිපියකින් නැවතත් හමු වෙමු.


W.P.S Wijayasinghe (CED- Tritech Green Energy Pvt Ltd)


LED බල්බ දැමීම ඇත්තටම ලාබදායකද? (දෙවන කොටස)


 


පෙර ‌කොටසින් සාකච්ඡා කළ පරිදි බල්බයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වලට අමතරව පහත කරුණු කෙරෙහිද සැලකිළිමත් විය යුතුය.

පළමු කෙටස කියවීමට මෙතනින් පිවිසෙන්න.

·      දීප්ත කාර්‍යක්ෂමතාව (Efficacy, Luminous efficiency)

දීප්ත කාර්‍යක්ෂමතාව (Efficacy, Luminous efficiency) යනු ඕනෑම විදුලි බල්බ වර්ගයක වොට් 1 ක්ෂමතාවයකදී ලබා දෙන ආලෝක ප්‍රමාණය වේ,

එනම් බල්බයේ දීප්ත කාර්‍යක්ෂමතාව (Efficacy)  = දීප්ත ශ්‍රාවය /ක්ෂමතාවය (= Lumen of the Lamp/Wattage)

මෙය බල්බ වර්ග අනුව වෙනස් වන අතර LED බල්බ වලද LED Chip වල ගුණාත්මකභාවය අනුව වෙනස් වේ. සාමාන්‍යයෙන් භාවිතා කරන විදුලි බල්බ වල දීප්ත කාර්‍යක්ෂමතාව (Efficacy) සලකා බලමු.

  1.         ෆිලමන්ට් බල්බ (Incandescent Bulb)                                              10-12 lm/W
  2.        හැලජන් බල්බ (Halogen Bulb)                                                        15-20 lm/W
  3.        ප්‍රතිදීප්ත ටියුබ් බල්බ (Fluorescent Tube Bulb)                                 40-80 lm/W
  4.        සංයුක්ත ප්රතිදීප්ත බල්බ (Compact Fluorescent Lamp - CFL)        50-80 lm/W
  5.        මෙටල් හේලයිඩ බල්බ  (Metal Halide Light)                                   75-100 lm/W
  6.        සෝඩියම් වේපර් බල්බ (Low pressure Sodium Vapour Lamps)       90-120 lm/W
  7.        ආලෝක විමෝචක ඩයෝඩ බල්බ (Light Emitting Diode)               80-150 lm/W

මෙහිදී ෆිලමන්ට් බල්බයකට වඩා 10 ගුණයකින් LED බල්බයක් කාර්‍යක්ෂම බව පැහැදිලි වේ. එනම් 10W LED බල්බයකින් ලැබෙන ආලෝකය ලබා ගැනීමට 100W ෆිලමන්ට් බල්බයක් යෙදිය යුතුය. තවද, මෙටල් හේලයිඩ් බල්බ වල කාර්‍යක්ෂමතාව ඉතා වැඩි වුවද එම බල්බ වල විශාලත්වය, අධික තාපය සහ පත්තු වීමට ගත වන කාලය යන කරුණු නිසා භාවිතය සීමා සහිත වේ.

LED බල්බ වලද කාර්යක්ෂමතාව විශාල පරාසයක වෙනස් වෙන අතර එයට පහත දැක්වෙන හේතූන් රාශියක් බලපායි. ඒවා එකින් එක විමසා බලමු.

  • LED චිපයේ ගුණාත්මකභාවය(Quality).

            චිපය සාදා ඇති ගැලියම් ආසනයිඩ් (gallium arsenide (GaAs)) නම් අර්ධ සන්නායකයේ (Semi-conductor) පවිත්‍රතාවය (purity) මත කාර්‍යක්ෂමතාව රදා පවතියි.

  • ධාරාව (current) මත.

චිපය දීප්ත වීම ලබා දෙන ධාරාව මත කාර්‍යක්ෂමතාව රදා පවතියිධාරාව අඩු හෝ වැඩි වුවහොත් කාර්‍යක්ෂමතාව අඩු වේ. එබැවින් චිපය දීප්ත වීමට අවශ්‍යය ප්‍රශස්ථ ධාරාව ලබා දුන් විට චිපය උපරිම  දීප්ත කාර්‍යක්ෂමතාවයක් ලබා ගනී.

  • චිපය මත ආලේප කර ඇති ප්‍රතිදීප්ත ආලේපනයේ ගුණාත්මකභාවය (Tri-phosphor Quality).

චිපය මත ආලේප කර ඇති ප්‍රතිදීප්ත ආලේපනයේ ගුණාත්මකභාවය (Tri-phosphor Quality) සහ එය ආලේප කරන තාක්ෂණය මත කාර්‍යක්ෂමතාව රදා පවතියි.

 

  • බල්බ වල ආලෝක අවරෝහණය (Light Depreciation/Light Decay)

විවිධ බල්බයන් අතරින් විශේෂයෙන් LED සහ CFL බල්බ වල ආලෝක අවරෝහණය ඉතා වැදගත් වන්නේ එම බල්බ වල ගුණාත්මකභාවය මත ආලෝක අවරෝහණය අඩු වැඩි වන බැවිනි.  LED චිපයේ ගුණාත්මකභාවය (Quality), චිපය සාදා ඇති ගැලියම් ආසනයිඩ් (gallium arsenide (GaAs)) නම් අර්ධ සන්යායකයේ (Semi-conductor) පවිත්‍රතාවය (purity) යන සාධක මත ආලෝක අවරෝහණය විචල්‍යය වේ. චිපය මත ආලේප කර ඇති ප්‍රතිදීප්ත ආලේපනයේ ගුණාත්මකභාවය (Tri-phosphor Quality) වැඩි වන විට ආලෝක අවරෝහණය අඩු වේ.

LED චිපය හරහා යන ධාරාව, ප්‍රමාණන ධාරාවට (Rating current) වඩා වැඩි වූ විට චිපයේ ගුණාත්මකභාවය කාලයක් යන විට අඩු වීම නිසා ආලෝක අවරෝහණය වැඩි වේ. ධාරාව ඉතා වැඩි වූ විට LED චිපය ඉක්මණින් පිලිස්සී යයි.

  • ධාරාවේ ගුනාත්මකභාවය (current Quality) මත.

 LED චිපය දීප්ත වීම ලබා දෙන ධාරාව මත කාර්‍යක්ෂමතාව (Luminous efficiency) රදා පවතියිධාරාවේ ක්ෂනිකව ඇති වන  අඩු වැඩි වීම් ( current fluctuation )නිසා චිපයේ ගුණාත්මකභව කාලයක් යන විට අඩු වීම ආලෝක අවරෝහණය ( Light Decay ) වැඩි වීම කෙරෙහි බලපානු ලබයි. විශේෂයෙන් අකුණු ගැසීම් (Lightning)  හා විශාල මෝටර් වැනි දෑ පරිපථයට සම්බන්ධ වූ විට ඇති වන සර්ජනන (Surges) නිසා ඉක්මනින් චිපයේ ගුණාත්මකභාවය අඩු වීම සිදු වේ.

මෙය පාලනය සදහා ගුණාත්මකභවින් වැඩි LED ධාවකයක් (LED Driver) භාවිතය මගින් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැක. ධාවකයකයන් ගැන වැඩි විස්තර ඉදිරියේදී සාකච්චා කරමු.

බල්බයක කාර්‍යක්මතාවය කෙරෙහි බලපාන තවත් සාධක මීළග කොටසින් සාකච්ඡා කරමු.

W.P.S විජයසිංහ (ප්‍රධාන විධායක අධ්‍යක්ෂ-Tritech Green Energy Pvt Ltd. )

LED බල්බ දැමීම ඇත්තටම ලාබදායකද? (පළමු කොටස)



අද දිනය වන විට LED විදුලි බල්බ ගැන විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර, එකම ක්ෂමතාවයක් (Power, Wattage) සහිත බල්බ විවිධ ගණන් වලට විකිණේ. මෙහිදී සාමාන්‍යය පුද්ගලයෙක්ට LED බල්බයක් තෝරා ගැනීමේදී විශාල ගැටළුවකට මුහුණ පෑමට සිදුවේ. LED බල්බ ගැන කතා කිරීමට පෙර සියලුම බල්බ වල ගුණාංගයන් ගැන අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. එබැවින් විදුලි බල්බ වල තාක්ෂණික කරුණු සරලව පැහැදිලි කිරීමට උත්සාහ කරමි.

විදුලි බල්බයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු,

  • ක්ෂමතාව (Power, Wattage)

නිෂ්චිත කාල ඒකකයක් තුලදී භාවිතා කරන ශක්තිය ක්ෂමතාව ලෙස හැඳින්වෙන අතර එයවොට්” (Watt, W) ඒකකයෙන් දක්වයි. සාමාන්‍යයයෙන් බල්බයක ක්ෂමතාව විදුලි බල්බයේ මුුද්‍රිතව පවතියි.

නමුත් ගැටළුව වන්නේ, මිලෙන් අඩු විදුලි බල්බ වල සත්‍ය ක්ෂමතාව (Actual Wattage), මුද්‍රිත ක්ෂමතාවට (Printed Wattage)  වඩා අඩු අගයක් ගැනීමයි. සමහරවිට එය සත්‍ය අගයෙන් 50% කට වඩා අඩු අගයක් ගන්නා අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස 100W බල්බයක සත්‍ය අගය 70W හෝ 40W විය හැක. එවිට ඔබ බලාපොරොත්තු වන ආලෝකය ඔබට නොලැබේ.




  •  වෝල්ටීයතාවය (Voltage )

 LED බල්බ වලට විශාල වෝල්ටීයතා පරාසයක් තුල ක්‍රියා කිරීමට හැකිය. සමහර බල්බ වල වෝල්ටීයතා පරාසය 180V-250V වන අතර සමහර බල්බ වල වෝල්ටීයතා පරාසය 85V-265V දක්වා විහිදේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ අඩු වෝල්ටීයතාවයක් පවතින ප්‍රදේශ වලට LED බල්බ භාවිතය ඉතා උචිතය.

  •  දීප්ත ශ්‍රාවය (Luminous Flux )

දීප්ත ශ්‍රාවය (Luminous Flux ) යනු විදුලි බල්බයක් විසින් නිකුත් කරන මුලු ආලෝක කිරණ ප්‍රමාණය වන අතර මෙය බල්බ වර්ගයෙන් වර්ගයට වෙනස් වේ. බල්බයට ආවේණික අගයක් වන දීප්ත ශ්‍රාවය ලූමන්” ( Lumen, lm) ඒකකයෙන් ගණනය කරයි. මෙය බල්බ මිලදී ගැනීමේදී ඉතා වැදගත් වන අතර තමන්ට අවශ්‍යය ආලෝක ප්‍රමාණයට සරිලන ලූමන් (lm) අගයක් ඇති බල්බයක් තෝරා ගත යුතුය.

තවද එකම බල්බ වර්ගයක ආලෝක ශ්‍රාවය (Lumen), බල්බයේ ක්ෂමතාවය මතද වෙනස් වේ.

උදා:- 20W බල්බයක දීප්ත ශ්‍රාවය 2000 lm නම් එම වර්ගයේම 40W බල්බයක දීප්ත ශ්‍රාවය 20W බල්බයක  මෙන් දෙගුණයකට (4000 lm) ආසන්න අගයක් ගනී.



  •   ආලෝක තීව්‍රතාවය (Light Intensity, Luminous Intensity)

ආලෝක තීව්‍රතාවය (Luminous Intensity) යනු, යම් තැනක ඒකක වර්ගඵලයක් මත වැටෙන ආලෝක ප්‍රමාණයයි. එය මැනීම සදහා ලක්ස් (Lux ) හෝ ෆූට් කැන්ඩෙලා (Foot Candela, FC) යන ඒකක භාවිතයට ගනී.

Ø ලක්ස් (Lux) යනු ඒකක වර්ග මීටරයකට පතිත වන ලූමන් (Lumen) ප්‍රමාණයයි.

Ø ෆූට් කැන්ඩෙලා (FC) යනු වර්ග අඩියකට පතිත වන ලූමන් (Lumen) ප්‍රමාණයයි.

Ø 1 ෆූට් කැන්ඩෙලා (FC) = 10.764 ලක්ස් (Lux )

තවද, එක් එක් කාර්යයන් වලට අවශ්‍යය ආලෝක ප්‍රමාණයන් වෙනස් වෙන අතර එය අවශ්‍යය ලක්ස් ලෙවල් (Lux Level) ලෙස භවිතා කරයි. උදාහරණයක් ලෙස අවශ්‍යයතාවයන් කීපයකට තිබිය යුතු සාමාන්‍යය ලක්ස් ප්රමාණ පහත දැක්වේ.

o   කොරිඩෝරය           50 - 100  Lux

o   ගබඩාව                      100 - 200 Lux

o   කාර්යාල                    200 - 500 Lux

o   ශල්‍ය කාමර             40,000 – 160,000 Lux

යම් ස්ථානයකට ලැබෙන ආලෝක තීව්‍රතාවය ගණනය කිරීමේදී විදුලි බල්බයේ දීප්ත ශ්‍රාවය (lm), බල්බයේ සිට එම ස්ථානයට දුර, එම ස්ථානයට ආලෝකය පතිත වන බල්බ ප්‍රමාණය යන මූලික කරුණු උපයෝගී කර ගනියි. තවත් කරුණු රාශියක් සුළු වශයෙන් බලපාන අතර, පරිගණක මෘදුකාංග මගින් එය නිවැරදිව ගණනය කල හැකිය. DIALux නම් මෘදුකාංගය එලෙස නිවරදිව ගණනය කිරීම් ලබා දෙන මෘදුකාංගයකි.

 

W.P.S විජයසිංහ (ප්‍රධාන විධායක අධ්‍යක්ෂ-Tritech Green Energy Pvt Ltd. )



Tritech Green Energy Pvt Ltd was won the National Gold Award

Tritech Green Energy Pvt Ltd was won the National Gold Award
Tritech Green Energy Pvt Ltd was won the National Gold Award
Tritech Green Energy Pvt Ltd was won the National Gold Award

Tritech Green Energy (Pvt.) Ltd. was won the 1st place at provincial level in western province & the National GOLD Award for the 1st place at the national level for Electronic and Electrical Machine Equipment Products under Small & Medium Industries Category in SMIDEX 2019 NATIONAL AWARD CEREMONY, which was conducted by Industrial Development Board under Ministry of Industries, Logistics and Supply Chain Management.


Titech Green Energy Pvt. Ltd.

Titech Green Energy Pvt. Ltd.

The company – Tritech Green Energy Pvt. Ltd. started in 1998 with the vision of introducing a range of innovative products as Tritech International. Now the vision is in action by producing the most energy efficient products to the Sri Lankan Market. All of our LED lighting products were designed and produced by our factory at Ambepussa.

It is under 5S systems and follows the Japanese KAIZEN system & Procedures of ISO series of Standards. Whole process monitored by Quality Assurance Department and Research & Development Department.

Our LED Lightings are innovative and Energy-saving products that utilize high power LED s as lighting source.


We are one and only producer to use LED for the
Domestic lighting
Industrial lighting
High Bay Lights
Street lamps
Flood Lights
Architectural lighting in Sri Lanka.
These lighting products contain no ultraviolet light, infrared rays, heat or radiation produced. The products are safe, reliable, and have low energy-consumption and long working – life span ( 50,000 – 100,000 Hrs) than traditional CFL lighting. For the Lighting, super bright high quality (Lumen Efficacy > 120 Lm/W) LEDs are used instead of high power LEDs and we pass the economical benefit derive from that to the customer.

We are using high quality branded chip from Cree (USA),Bridgelux (USA)and
Epistar (Taiwan)


BACK TO TOP