BLOG

 

Organic Farming at Tritech Green Energy Pvt Ltd.

 

“මගේ rooftop එකේ ටැංකිවල කාබනිකව වගා කරලා තියෙන scotch bonnet කොච්චි වල සහ අනෙක් වගාවල  වීඩියෝ සහ photos දැම්මා ඔයගොල්ලන්ට බලන්න. මේ කොච්චි ගහක උස සාමාන්‍යයෙන් අඩි 5-6ක් වෙනවා.   ගහකින්  සතියකදී 3-5 kg විතර කඩා ගන්න පුළුවන්. මේකෙදි අපි rooftop එකේ නිසා බර අඩු media එකක් තමයි භාවිතා කළේ.  මේක අපි විසින්ම හදාගත්ත media එකක්. මේකට භාවිතා කරපු අමුද්‍රව්‍ය පහතින් දානවා අවශ්‍ය අයට භාවිතා කරන්න.

1. දහයියා                               6

2. මතුපිට පස්                         2  

3. කොම්පෝස්ට්                    1

4. කොහුබත්                          1

5. ගොම/කුකුල් පොහොර    1

මීට අමතරව සති දෙකෙන් දෙකට කුඹුරට ගහන්න ආණ්ඩුවෙන් දීපු ජෛව පොහොර වලින් කොටසක් තියාගෙන ඒකෙන් ටිකක් දැම්මා (බොහොම පොඩ්ඩයි දැම්මෙ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා). අනෙක් එක තමයි සතියෙන් සතියට කෘමි විකර්ශක වර්ගයක් මාරුවෙන් මාරුවට පාවිච්චි කරා. මේකෙදි දහයියා නිසා වතුර බැස යාම හොඳින් සිදු වෙනවා වගේම ටික කාලෙකින් ඒවත් පොහොර බවට පත්වෙනවා.  කර දහයියා හදනකොට  වගේ  දහයියා වල තියෙන පෝෂක කොටස් විනාශ වෙන්නෙත් නෑ.. හැබැයි වගාවට ජලය සැපයීම දිනපතාම කරන්න ඕන. ඒ සඳහා අපි නම් irrigation සිස්ටම් එකක් භාවිතා කරනවා.”

W.P.S Wijayasinghe,

CED, Tritech Green Energy Pvt Ltd.





Watering System


















BACK TO TOP