LED බල්බ දැමීම ඇත්තටම ලාබදායකද? (තුන්වන කොටස)
පෙරදී සාකච්ඡා කළ පරිදි බල්බයක් තෝරා ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු රාශියකි. එමෙන්ම අනෙකුත් බල්බ වර්ග සමග සැසදීමේදී LED බල්බ තෝරා ගැනීමේ ඇති වැදගත්කමද සාකච්ඡා කරන ලදි. පෙර ලිපියෙන් සාකච්ඡා කරන පරිදි LED බල්බයක ගුණාත්මකභාවය රදා පවතින සාධක රාශියක් ඇත.
එතැන් සිට අනෙකුත් සාධක මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
- LED චිපයේඋෂ්ණත්වයමත ( LED Junction Temperature).
චිපයේසන්ධියේඋෂ්ණත්වයLED චිපයේ ආලෝක අවරෝහණය ( Light Decay ) සහආයු කාලය ( Life Time) කෙරෙහි දැඩි ලෙස බලපායි. LED දැරියහැකි උපරිම උෂ්ණත්වය LED චිපයේ ගුණාත්මකභාවය මත රදා පවතින අතර එය සාමාන්‍ය චිපයක 80 °C පමණ වන අතර ඉතාම උසස් ගණයේ චිපයක120 °C පමණ වේ. මෙම උෂ්ණත්වයට වඩා චිපයේ උෂ්ණත්වය වැඩි වූ විට ආලෝක අවරෝහණය ( Light Decay ) වැඩිවීම හෝ පිලිස්සී යාම සිදු ( Burn ) වේ. මෙය පාලනය සදහා තාප විසුරුවා හැරීම ( Heat Dissipate ) හොදින්කල යුතු අතර ඒ සදහා තාප ගිල්වන ( Heat Sink ) නියමාකාරයෙන් භාවිතා කල යුතුය. බොහෝ විට යුරෝපීය රටවල් සදහා නිර්මිත බල්බ වල තාප ගිල්වන ( Heat Sink ) ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවල් සදහා නොගැලපේ. වැඩි උෂ්ණත්වය නිසා චිපයේ ගුණාත්මකභාවය මෙන්ම ප්‍රතිදීප්ත ආලේපනයේ ගුණාත්මකභාවයද (Tri-phosphor layer Quality) අඩුවේ. LED විදුලි පහ් නිර්මාණයේදී තාප ගිල්වනය ඉතා හොදින් නිර්මාණය ( Design of Heat Sink ) කිරීමමගින් මෙම ගටළුව නිරකරණය කර ගත හැක.
- සහසම්බන්ධිත වර්ණක උෂ්ණත්වය ( Correlated Color Temperature, CCT, ආලෝකයේවර්ණය)
සහසම්බන්ධිතවර්ණක උෂ්ණත්වය ( Correlated color Temperature ) යනුආලෝකයේ වර්ණයයි. මෙය මනිනු ලබන්නේ කෙල්වින් ( K ) වලිනි. මේ සදහා පාදක වනුයේ කෘෂ්ණ වස්තුවක් ( Black Body ) හෙවත් සුපිරිසිදු කාබන් කැබල්ලක් යම් උෂ්ණත්වයකට රත් කල විට එම වස්තුව ගන්නා වර්ණයයි. ආලෝකයේවර්ණයට සමාන වර්ණයක් ඇති වීම සදහා ක්ෘෂ්ණ වස්තුවක් (Black Body ) රත්කළ යුතු උෂ්ණත්වය සහසම්බන්ධිත වර්ණක උෂ්ණත්වය ( Correlated color Temperature ) ලෙසහැදින්වේ.
- වෝම්වයිට් - Warm White 2700 - 3500K
- කූල්වයිට් - Cool White 3500 - 4500K
- ඩේලයිට් - Daylight 4500 - 5500K
- කූල් ඩේ ලයිට් - Cool Daylight 6000 – 7000K
ඉහතදැක්වෙනනම් භාවිතය එක් එක් ආයතන අනුව වෙනස් වේ. එබැවින් වර්ණය හදුනා ගැනීමේදී නිවැරදිම ක්‍රමය නම් කෙල්වින් අගය ( CCT ) භාවිතයයි.
තවද,ආලෝක වර්ණ භාවිතය එක් එක් කාර්යයන් සදා වෙනස් වේ. ක්ෂණික අහාර ගන්නා ස්ථාන (Fast Dining ) සදහා6500 K වර්ණයභාවිතා වන අතර සුව පහසු ආහාර ගන්නා ස්ථාන ( Slow Dining ) සදහා3000 K වර්ණයභාවිතා වේ. තවද ඝර්ම කලාපීය රටවල් වල 6500 K භාවිතා කරන අතර සීත රටවල් වල 3000 K. මෙයට හේතුව වෝම් වයිට් තුලින් උෂ්ණ (ගින්දර) හැගීමක් ඇති වන අතර කූල් වයිට් තුලින් සීත (අයිස්) හැගීමක් ඇති වීමයි.
- වර්ණ ව්‍යාප්ති දර්ශකය ( Color rendering Index - CRI )
මෙමගින්ගණනය කරනු ලබන්නේ එම ප්‍රභවය මගින් නිකුත් කරන අලෝකය මගින් වස්තුවක වර්ණය හදුනා ගැනීමට කෙතරම් හැකියාවක් ඇත්ද යන්නයි. මෙය ගණනය කරනු ලබන්නේ ආලෝකයේ වර්ණ බෙදී යාම ( දෘෂ්‍ය පරාසය තුළ තරංග ආයාමන් සදහා ) කෙතරම් හොදින් සිදු වී ඇත්දැයි නියදියන් ගණනක් පරීක්ෂා කර දත්ත ලබා ගැනීමෙන් පසුවය. විදුලි බල්බ වර්ග වල Color Rendering Index ( CRI ) පහත දැක්වේ.
- සූර්ය ආලෝකය (Sun Light) 100
- ෆිලමන්ට් බල්බ (Incandescent Bulb) 100
- හැලජන් බල්බ (Halogen Bulb) 100
- ප්රතිදීප්ත ටියුබ් බල්බ (Fluorescent Tube Bulb) 50-80
- සංයුක්ත ප්රතිදීප්ත බල්බ (Compact Fluorescent Lamp - CFL) 50-80
- මෙටල් හේලයිඩ බල්බ (Metal Halide Light) 70-85
- සෝඩියම් වේපර් බල්බ (Low pressure Sodium Vapor Lamps) 5-25
- ආලෝක විමෝචක ඩයෝඩ බල්බ (Light Emitting Diode) 70-90
- මර්කරි බල්බ (Mercury bulbs) 5-20
වෙළදසැලකදීවිදුලි බල්බ වල ආලෝකයෙන් තෝරන ලද ඇදුම් පිටදී බලන විට වෙනස් වර්ණයක් දිස් වනුයේ, හිරුගේ ආලෝකයේ CRI 100 අගය වුවද විදුලි බල්බ වල ආලෝකයේ CRI අගය80 ට වඩා අඩු අගයක් ගන්නා බැවිනි. රෙදිපිළි, ආහාර වැනි වර්ණය මත ඉතා සංවේදී නිෂ්පාදන තත්ව පරික්ෂාවේදී CRI ඉහල අගයක් ඇති ව්දුලි බල්බ යොදා ගනී.
- වර්ණසංකලන අපගමනය (SDCM – Standard Deviation Color Matching)
සමහරවිටඑකම CCT ඇති විදුලි බල්බ දෙකක වර්ණයන් වෙනස් වීම් අප ඇසට දැනෙන අවස්ථා අත්දැක ඇත. එසේ වීමට හේතුව වනුයේ අප CCT ගණනය කරන්නේ රතු පැහැයේ සිට සුදු පැහැය සහ නිල් පැහැය දක්වා රේඛීයව වුවද, පහත රූප සටහනේ දැක්වෙන වර්ණඅවකාශය තුල එකම CCT අගයන් වලද වෙනත් වර්ණයන්ගේ සන්කලනයක් සිදුවිය හැක. මෙම වෙනස් වීම ඇසට දර්ශණය වන සීමාවන් මැක් ඇඩම්ස් නම් විද්‍යාඥයා විසින් MacAdam’s Ellipse නම්ඉලිප්සාකාරහැඩයන්ගෙන්දක්වා ඇති අතර එය වර්ණ සංකලන අපගමනය (SDCM – Standard Deviation Color Matching) ලෙසහැදින්වේ. මෙය SDCM නම්ඒකකයෙන්ගණනය කරන අතර SDCM අගය 1 ට වඩා අඩු වූ විට වර්ණ වෙනස ඇසට කිසිසේත් නොදැනේ. එම අගය 2 ට වැඩි වූ විට දෘෂ්‍යමාන වීම පටන් ගැනෙන අතර 4 ටඅඩු අගයන් ඇති බල්බ හොද තත්වයේ විදුලිබල්බ ලෙස සැලකේ.